| Weight | 200 g |
|---|

රු450.00 රු360.00
15 people are viewing this product right now
සාම්ප්‍රදායික ජන සන්නිවේදනය පිළිබඳ දැනුම ලබාගනු වස් සිදුකරන අධ්‍යනයන් අතිශයින් වැදගත්ය. එකී පාරම්පරික ඥානය නූතන අවශ්‍යතා නිර්මාණකරණයෙහිලා ප්‍රබල උපස්ථම්භන සාධක සපයා ඇත. ගැමියා සතුව පැවති සන්නිවේදන හැකියාව ප්‍රකට කරවන අප සතු සුවිශේෂී අස්පරිශිත උරුමයක් ලෙස ජන සාහිත්‍ය හැදින්විය හැක.
ප්‍රතිචීන ජනශ්රුති අධ්‍යනයන් (Folk Lore Education ) කොටස් 5කට බෙදේ. එනම් දේව කතා හෙවත් පුරාණ ප්‍රවාද (Legends) ,ජනකතා (Folk Tales) ,උපමා කතා හා ආදර්ශ කතා (Fables) , සුරංගනා කතා (Fairy Tales) වශයෙනි . මේ එක් අංශය සතුව ජනකතා ,ජනකවි මෙන්ම පිරුළු උපමා වැනි දෑ ද එක්වී ඇත. මේ සියල්ලන්ගේ පරිපූර්ණ ජන සාහිත්‍යයක් දේශීය ගැමි සමාජය සතුව පැවතීම භාග්‍යයකි.
ජන සාහිත්‍යයේ ප්‍රතිනිර්මාණය වී ඇති ගැමි ජන චින්තනය පරීක්ෂා කිරීමට නම් අප තත් සාහිත්‍ය කදිමට අවබෝධ කරගත යුතුය. මේ සඳහා එහි දෘශ්‍යමාන විනිවිද යාම අත්‍යවශ්‍ය වේ. ජනසාහිත්‍යයේ බාහිර හැඩය හා අභ්යන්තරාර්ථ අතර ඇති මෙම වෙනස හැදැරීම ජන සාහිත්‍ය අධ්‍යයනය මගින් සිදු කළ යුතුමය.
මෙම කෘතිය නූතන සන්නිවේදන විද්‍යාඥයින් විසින් සන්නිවේදන ක්‍රියාවලියේ දී හඳුන්වා දී ඇති ප්‍රධානම සංකල්ප කිහිපයක් ඔස්සේ ජන සාහිත්‍යයේ දෘශ්‍යමාන හැඩයන් විදහා දැක්වීමට උත්සහයක් ලෙස පෙන්වා දිය හැක.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හා මහවැලි ජාතික හා අධ්‍යාපන විද්‍යාපීඨයේ බාහිර කථිකාචාර්යවරයකු වූ මෙහි කර්තෘවර තරිඳු බණ්ඩාර, ජන සාහිත්‍ය පිළිබඳ පෘථුල අවබෝධයක් සහිත තරුණ පර්යේෂකයෙකි. මෙම කෘතිය දේශීය ජන සාහිත්‍ය කේන්ද්‍ර කොට සිදුකළ කදිම පරීක්ෂණයක් බව කිවමනාය.
| Weight | 200 g |
|---|
රු750.00 රු600.00
රු200.00 රු160.00
Reviews
There are no reviews yet.