ඔහු ලෝකය බේරාගැනිමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනිමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත්වු කාලය මහමෙරක් වැනිය. “බලන්න ඒ ගස් වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නේ නෑ. හැම තිස්සෙම ඒ ගොල්ලෝ වටේ මායිමක් ඉතුරු කර ගන්නවා. තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වූනත් අනික් එකාගේ ජීවිතවලට එඹෙන්න යන්නෙ නෑ. ස්වාභාවධර්මය හැදිලා තියෙන්නේම එහෙම. ආදරය අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක් ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේ ම අනාගත කතාවය. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බළ පෙරළි මැද, ත්රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසි දිව යන හැගීමක් ඇත්තම් ඒ ආදරයයි. ලෝකය වෙනස් කල හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය. එවැනි ලොවක අමායා හා වින් හමුවුනු අත්තේද? මේ වින්ගේ හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාවයි.
*09/12/2021 නිකුත් වීමට නියමිත අතර, දැන් පෙර ඇණවුම් කල හැකිය