| Weight | 400 g |
|---|

රු650.00 රු520.00
20 people are viewing this product right now
වංශකතා වලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම්බැද තම නෑදෑයින් සියලු දෙනා සිත්පිත් නැති ව ඒ පිටරැටියාට පාවාදුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳී ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරැණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සදහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙස ය. එහෙත් ලක් රජය දිනාගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොටගත් කුවේණිය, දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකිය. එය නැවත නැවතත් මෙනෙහි කිරීමේදී ඒ වටා ගොනුවන දුක්ඛිත වූත්, විචිත්රවත්වුත් සිද්ධි රාශියක් මා සිතට ඇතුළු වෙයි. විජයයි කුවේණියයි නවකතාව තුලින් මා පාඨක මනසේ ද සිත්තම් කිරිමට වෑයම් කරන්නේ කුවේණිය පිළිබඳ මා මනසෙහි ජනිත වූ ඒ නොයෙක් විචිත්‍රවත් අදහස් සමූහයකි
| Weight | 400 g |
|---|
රු1,380.00 රු1,104.00
රු650.00 රු520.00