| Weight | 350 g |
|---|

රු500.00 රු400.00
14 people are viewing this product right now
‘සංගු අඬහැරය‘ වූ කලී මරී මැජරෝවා නම් චෙක් ජාතික ලේඛිකාව විසින් ලියා පළකරන ලද ‘ද සයිරන්‘(චෙක්බසින් සෙරේනා) නමැති නවකථාවේ සිංහල අනුවාදයයි. චෙකොස්ලෝවැකියාවේ( අද චෙක් ජනරජය) ප්රාග් නගරයට නුදුරු උවාලි හි කම්කරු පවුලක උපත ලද ඈ, හැදී වැඩුනේ ගල් අඟුරු ආකර වලින් ගහණ ක්ලිඩ්නෝ නුවරය. මෙම නවකවථාට පාදක වූයේද එම නගරයයි . එහි විසූ පතල් කම්කරුවන් ගේ ජීවිත පිළිබඳව ඈ තුළ වූයේ මනා අවබෝධයකි. සොළොස් වන වියේදී ප්‍රභූ පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ ඈ , පසුව අධ්‍යාපනය ලබා සමාජවාදී අදහස් දරමින් පීඩිත කම්කරු ජනතාව හා කාන්තාවන් වෙනුවෙන් සටන් කරනු සඳහා තම පෑන මෙහෙයවුවාය. 1907දී ධනපතිවාදය හෙළා දකිමින් ලියු කෙටිකතා අඩංගු ‘වර්ජින්ට්‘, රුසියා විප්ලවය, අරාජිකත්වය හා ත්‍රස්තවාදය අරභයා 1914 දී ලියූ ‘ස්ක්වෙයාර් ඔෆ් ද රිපබ්ලික්‘ හා ‘ද වෙස්ට් ඔෆ් ද වර්ල්ඩ්‘(1923) හා ‘ද ඩෑම්‘(1932) යන කෘතීන් ගෙන් පසු වසර ගණනාවක ව්‍යායාමයෙන් ‘ද සයිරින්‘ නම් වූ කෘතිය බිහි කළාය. පරම්පරා තුනක අඟුරු ආකර කම්කරුවන්ගේත් යකඩ කම්හල් සේවකයන්ගේත් කඨෝර ජීවිත, ඔවුන්ගේ දෛනික අරගල හා සාමූහික සටන්, අනාගත අපේක්ෂා හා ප්‍රාර්ථනා, ප්‍රේම වෘතාන්ත හා ඛේදවාචක එහි කථා ශරීරයට ඇතුළත් ය.
| Weight | 350 g |
|---|
රු650.00 රු520.00
රු380.00 රු304.00
Reviews
There are no reviews yet.