| Weight | 250 g |
|---|

රු500.00 රු400.00
17 people are viewing this product right now
ප්‍රවීණ නවකකථා කතුවර සමරවීර විජයසිංහයන්ගේ මුල් නවකකථාව වන බව තුරු යට (1996 ) වූ කලී, පසුකලෙක ඔහු සිංහල නවකතා නිර්මාණකරණය වෙනුවෙන් ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන් වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් (2005) හා ස්වර්ණ පුස්තක සම්මානයෙන් (2008 ) පිදුම් ලබන නවකතාකරුවෙකු බවට පත්වීමේ පෙරමඟ ලකුණු හෙළි කෙරෙන කෘතියකැයි සිතමි. ඒ ඔහු විසින් සිංහල යථාර්ථවාදී නවකතා රීතියෙහි සම්භාවිත සාධනීය ලක්ෂණ මේ ප්‍රථම නවකකථාව තුළින්ම පළ කරනු ලැබීමට සමත්ව ඇති බව පෙනී යන බැවිනි.
විසිවන සියවසේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතුව පැවති අවසන් කාල වකවානුව තුළ දකුණු පළාතේ බටහිර මුහුදු බඩ ආශ්රිත ගැමි ප්‍රදේශයක විසූ ගැමි පවුලක් වටා ගොතන ලද වෘතාන්තයක් බව තුරු යට නවකතාවේ වස්තු විෂය වෙයි. එම පවුලෙන් මතු වන අබරං අප්පු නැමැති තරුණයකු පාරම්පරික ගැමි ආර්ථික රටාවෙන් මිදී වෙළඳපොළ ආර්ථිකය ජය ගැනීමට ගන්නා වෑයමත්, එකල සමාජ, ආර්ථික , දේශපාලන හා අධ්‍යාත්ම පරිසරයෙහි ගති ස්වභාවයත් මේ නවකතාව තුළ මැනවින් නිරූපණය කරයි.
සමකාලීන ජන විඥානාර්ථ විමසා හඳුනාගැනීමටත්, මෙවැනි කථාවකට උචිත සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්රදායයෙන් පෝෂිත බස් වහරක් හා යථාර්ථවාදී රචනා රීතියක් භාවිතා කිරීමට කතුවරයා දක්වා ඇති ශක්‍යතාව වෙසෙසින් අගය කළ යුත්තකි.
| Weight | 250 g |
|---|
රු350.00 රු280.00
රු380.00 රු304.00
Reviews
There are no reviews yet.