Weight | 150 g |
---|
රු400.00 රු320.00
13 people are viewing this product right now
ඇසු පමණින් විශ්මය දනවන හා චිත්තරූප මැවෙන හිමිගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක් එළිදැක්වීමට හිමාල් ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති පියවර ප්‍රශංසනීය වේ. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියයෙන් එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන්ම හිමාල අඩවියට පිවිසීමට කිසිදා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල නිවාරණය යනු කවරාකාර අවදානම්කාරී හා ත්‍රාසජනක ප්රයත්නයක් දැයි වටහා ගැනීමට ලබාගත හැකි පිටුබලය සුළුපටු නොවේ.
මෙවැනි අවදානම්කාරී දේශාටනයක් සැලසුම් කිරීමේ පටන් අවසානය තෙක් භෞතික–මානසික–ආධ්‍යාත්මික අත්දැකීම් එකින් එක පෙළගස්වමින් පාඨකයා සිය කියවීම් ඔස්සේ හිමගිර තරණය කරවීමට ද කතුවරයා සමත් වී ඇති බව පෙනේ.හිමවතෙහි අසිරිය, මිදුණු හිම අතරින් ගලන දියපහරවල්, සුදු හිම රන්වන් පැහැයෙන් දිදුලවන හිරු රැස්., තණකොළ බුදින යැක් ගවයන් හා කර්තෘ ගේ හිත් ගත් බව පෙනෙන නේපාල සුදු ලූනු සුප් මෙම රචනයට රසකාරක එකතු කර ඇත. ගමනාන්තයට ළඟා වීමේ දී දැනුණු ප්‍රීතිප්‍රමෝදය ගමනේ සරතස නිවාලූ අයුරු සඳහන් කරනුයේ තවද බොහෝ දෙනා තුළ මෙම චමත්කාරය විඳ ගැනීමේ සියුම් අභිලාෂයක් ජනනය කරමිනි.
බුදුන් උපන් දේශයේ අහස් ගව්වෙහි එහි ඉතිරි කොටස තරණය පිළිබඳව ද නුදුරේදීම කර්තෘ විසින් ලියැවෙන රචනයක් කියවීමට පාඨක රුචිය පොලඹවන උත්තේජනයක් ද සසංකාරිකව හෝ අසංකාරිකව මෙම කෘතියේ පේළි අතරින් නිරූපණය වී තිබීම භාග්‍යයකි.
Weight | 150 g |
---|
රු200.00 රු160.00
රු400.00 රු320.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.