| Weight | 750 g |
|---|

රු980.00 රු784.00
14 people are viewing this product right now
කෙනෙකු සතු දැනුම් හා අත්දැකීම් සම්භාරය මතු ප්‍රයෝජනයට ගත් හැක්කේ ඔවුන් විසින් ලිඛිත,ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය මාධ්‍යයක් ඔස්සේ එකී විෂයානුබද්ධ කරුණු රචනා කර තැබීමෙනි. එවන් මහඟු කාර්යයක නිරත වීමට මෙම කතුවරයා ගත් උත්සාහය ප්‍රශංසනීය බැව් පැවසිය හැක. මෙරට කෘෂි ඉංජිනේරු තාක්ෂණ විෂයානුබද්ධ සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක හිඩැස මෙයින් යම් තරමකට හෝ සපුරා ගත හැකි වනු ඇතැයි සිතමි. වර්ෂ 1981 පටන් ජාතික පුවත්පත් හා වෙනත් වාර ප්‍රකාශන මාධ්‍ය ඔස්සේ පාඨකයා වෙත සමීප වූ නිදහස් ලේඛකයෙක් වූ මොහු ලංකා–ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදී මෝටර් යාන්ත්‍රික තාක්ෂණය පිළිබඳව ද, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ දී බරවාහන යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව ද ජපන් අන්තර්ජාතික සහයෝගිතා පදනම යටතේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව හා චීන සමූහාණ්ඩුවේ ප්රදානය මත ජීව වායු නිෂ්පාදනය පිළිබඳවද වෘත්තීය පුහුණුව ලැබූවෙකි. එමෙන්ම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ, ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යාතනයේ හා ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වූ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂය මාලා සංවර්ධන කටයුතු උදෙසා ද සම්පත් දායකයෙකු ලෙස තම දැනුම දායාද කර දුන් එම් .එම් පාලිත මහින්ද මුණසිංහ මහතාගේ මෙම උත්සාහය මම අගය කරමි.
| Weight | 750 g |
|---|
රු490.00 රු392.00
රු500.00 රු400.00
Reviews
There are no reviews yet.