| Weight | 400 g |
|---|

රු780.00 රු624.00
12 people are viewing this product right now
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය ,කිල්ල,ඔසප් චක්‍රය,ගබ්සාවීම ,වැඩිවියට පැමිණීම, ආදිය පිළිබඳව පවත්නා ආකල්ප, වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්වයක් විෂද කරයි. බොහෝ ප්‍රාථමික සමාජයන්හි වූව කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සදහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති.
ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින් , ඇලෙස්කාවේ කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ග්රෝත්රිකයන්, ශ්‍රී ලංකාවේ වැදි ,කින්නර, රොඩී වැනි කණ්ඩායම්, දකුණු අප්‍රිකාවේ කාපිරි ගෝත්‍රිකයින්, ටහිම් දූපත්වාසීන්, අප්‍රිකාවේ ටෝගෝ ජාතිකයින් ආදී වශයෙන් බොහෝ රටවල ජනතා කණ්ඩායම් දාරකත්වය අරබයා කරනු ලබන වත් පිළිවෙත් බොහෝ වෙති. ශ්‍රී ලංකාවේ ද උඩරට, පහතරට, සබරගමු ප්‍රදේශයන්හි මෙන්ම යාපනය අර්ධද්වීපය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව එක් එක් ආකාරයට දාරක වත්පිළිවෙත් පවත්වති.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ B .F .A උපාධිත්, කැළණි විශ්වවිද්‍යාලයේ M .Phil උපාධියත් ලබා ඇති ප්‍රවීණ පාරම්පරික නර්තන ශිල්පියෙකු හා දේශීය සර්පවිෂ වෛද්‍යවරයකුද වන “සබරගමු බලියාග පිළිවෙල” කෘතියේ කතුවරයා වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන සමන් කුමාරතුංග ලේඛකයා මෙවර අප වෙත ඉදිරිපත් කරන “පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්” කෘතිය සැබැවින්ම අගනා ශාස්ත්‍රීය පර්යේෂණ ග්රන්ථයක් බව සදහන් කළ යුතුය.
මේ මාහැඟි කෘතිය සමාජ විද්‍යාව, මානව විද්‍යාව, නර්තන කලාව, ලංකාවේ සිරිත්විරිත් වැනි විෂය ක්ෂේත්රය අධ්‍යයන කරන කවරකුට වුව ද ඉතා ප්‍රයෝජනවත් වන්නා හා ම සංස්කෘතික විෂය ධාරාවේ වපසරිය පුළුල් කිරීමට ඉවහල් වන්නක් බවද කිව යුතුය.
| Weight | 400 g |
|---|
රු400.00 රු320.00
රු450.00 රු360.00
Reviews
There are no reviews yet.