| Weight | 125 g |
|---|

රු160.00 රු128.00
21 people are viewing this product right now
සමාධිය තුළ නෙත් විවර කිරීම නමින් මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් ප්‍රංශ බසින් සිංහලයට නගන ලද ‘la Vision Profonde’ නැමැති මෙම කෘතියෙහි කතුවර පූජ්‍ය තිච් ඤතාන් යතිවරයා අපරදිග ලෝකයේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූ වියට්නාම් ජාතික සෙන් භික්ෂුවකි. බෞද්ධ දාර්ශනිකයකු,භාවනා ගුරුවරයෙකු,ප්‍රසිද්ධ ගත් කතුවරයෙකු මෙන්ම කවියෙකුද වන උන්වහන්සේ පාලි,සංස්කෘත,චීන ,වියට්නාම් ආදී පෙරදිග භාෂා මෙන්ම ප්‍රංශ, ඉංග්‍රීසි භාෂාවන්ද මැනවින් දන්නා විශිෂ්ට බුද්ධිමතෙකි. වියට්නාමය,ඉන්දියාව,චීනය ඇතුළු පෙරදිග රටවල මෙන්ම බොහෝ යුරෝපීය රටවලත් ඇමෙරිකාව, ඊශ්‍රායලය හා බ්‍රසීලය ප්රමුඛ ලතින් ඇමෙරිකානු රටවලත් ලක්ෂ ගණන් ජනයා තිච් ඤතාන් හිමියන්ගේ භාවනා ක්‍රම උගෙන බොදු මඟ පිළිපදිති.
නිරිතදිග ප්‍රංශයේ සුන්දර භුමි පෙදෙසක මෙයින් වසර විස්සකට පමණ ඉහතදී එතුමා විසින් ආරම්භ කරන ලද ‘plum Village ‘ භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ වෙසෙමින් ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි යෙදෙන උන්වහන්සේ ලෝක සාමය හා පරිසර සංරක්ෂණය වෙනුවෙන්ද කැපවී සිටින පැවැදි උතුමෙකි.
| Weight | 125 g |
|---|
රු300.00 රු240.00
රු550.00 රු440.00
Reviews
There are no reviews yet.