| Weight | 425 g |
|---|

රු600.00 රු480.00
13 people are viewing this product right now
මහාචාර්ය ඩී. ජේ විජයරත්න වියතාණන් විසින් සිය ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද History Of The Sinhalese Noun යන සිංහල භාෂා ව්‍යාකරණය වනාහි ඓතිහාසික වාග්විද්‍යා මූලධර්ම අනුව සකසන ලද අග්‍රගණ්‍ය වූ කෘතියකි .1950-1970 දශකවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර මෙය බෙහෙවින් ජනප්‍රිය ව්‍යාකරණයක් විය. මෑත කාලයේදී කතා ව්‍යවහාර විග්‍රහය හා ජන වහර අධ්‍යනවලට ලැබුණු ප්‍රමුඛත්වය නිසා ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයන් විශ්ව විද්‍යාල ක්ෂේත්රයෙන් ඉවත් වූ නමුත්, නව ඉන්දු ආර්ය භාෂා අතරින් වඩාත් වර්ධනය වූ සිංහල භාෂාවේ ක්රමික විකාසය අධ්‍යයනය සපුරා බැහැර කිරීම සිංහල භාෂාවේදියෙකුට කිසිසේත් කළ නොහැකිය.
නවව්යාකරණවාදීන් විසින් චිර සම්භාවිත අතිසූක්ෂම වූ විශ්ලේෂණ ක්‍රමවේද සර්වප්රකාරයෙන් උපයෝගීකර කරගත් මෙම කෘතිය සවිස්තර ගැඹුරු අධ්‍යයනයකි. මෙබඳු කෘතියක් පරිවර්තනයතනය කිරීම ද අතිශයින් වෙහෙසකර මෙන්ම අභියෝගාත්මක වන අතර මෙහි පරිවර්තිකා දිලිනි ආරියවංශ මෙනවිය එම දුෂ්කර කාර්යය ඉතා මැනවින් ඉටු කර තිබීම ප්‍රශංසනීය වේ .මෙතරම් කලක් සිංහල පාඨකයන්ට හා භාෂා අධ්‍යයනයෙහි නිරත වූවනට දුරස්ථව පැවති මෙම කෘතිය, භාෂා ශාස්ත්‍ර අධ්‍යනය පරිහානියට යමින් පවතින අද වැනි යුගයක පාඨකයන් අතරට පැමිණවීම මහඟු සේවාවකි.
මෙම කෘතිය පරිහරණයෙන් නාම ප්‍රකෘති ප්‍රත්‍ය ගැන්වීමේ දී බලපාන ශබ්ද හා වාග් විද්‍යාත්මක කරුණු, අර්ථාන්විතව හා ව්‍යාකරණ ලිංග භේදය වැනි විස්තර මෙන්ම ප්‍රමාණවත් තරම් කාරක විභාග ලක්ෂණ ද පද විභාගය සඳහා අදාළ අර්ථ විචාරාත්මක කරුණු ද ලබාගත හැකි වෙයි. මෙබඳු ගැඹුරු කෘතියක් පරිවර්තනය කිරීමට තරම් උද්යෝගයක් ඇති කරගත් දිලිනිගේ ශාස්ත්‍රීය ජීවිතය සර්වප්රකාරයෙන් සාර්ථක වන බවට මෙම කෘතිය මහා ඉඟියක් වනු නොඅනුමානය.
| Weight | 425 g |
|---|
රු1,650.00 රු1,320.00
රු250.00 රු200.00
Reviews
There are no reviews yet.