
Out of stock
තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුල කාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වoශවත් , ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කොන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමග පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුනද එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.ඒත් ඇලිස් ඔබ කොහේද ? මාර්තා ලීටද මේ සිදුවන්නේ කුමක්ද ? Read the first story of the gothic romance by one of the supreme writers of this genre.
ලෙනෝර් ඇයගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය තම ආච්චි අම්මාගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැනගනියි.
කඩවසම් ඩිරෙක් ඇල්ඩ්රිoහැම් සේද නිවසට පැමිනි විට ඇගේ සතුට සම්පූර්ණ වීද. ?
ඇය බලාපොරොත්තු රහිත සිදුවීම් , ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය , කැලෑවේ සිදුවූ ඝාතනය , අතීතයෙන් මතු වූ අමුත්තා..
ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු වේද ??
Out of stock
Out of stock
Out of stock
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්රත්වයයි.
‘…..නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විටම ඇගේ සිත තුල ජීවත්වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැලි කඩනු මම අත්දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබලිනි. නිකිතා ඇද සිටි රත් පැහැති සල්වාර් කමීසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු කහ රතු මල් සහිත සාලුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟ දී තැගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළිවලින් විසිරී ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද, තොල්පෙතිවල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණ. ඇදුමේ වර්ණයට සරිලන ලෙස හැඳ පැළඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු ගිනිපුපුරු මෙන් දිලුණු සරෝජිනිගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩුයටිකුරු වී නිකිතාගේ අරුංගල්වල, ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබීණි යැයි මට සිතිණි……’
Out of stock