| Weight | 175 g |
|---|

රු450.00 රු360.00
15 people are viewing this product right now
ව්‍යාපාර කළමණාකරණ ක්ෂේත්රය තුළ න්‍යායික ඥානයෙන් හා ප්‍රායෝගික අත්දැකීමෙන් යුතු ප්‍රියන්ත දේවසිරි බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති විද්වතෙකි. ජාතක පොතෙහි ඇතුළත් බැලූ බැල්මට සරල සේ පෙනෙන කතාන්තරයක් හා එතරම් ප්‍රකට නැති සූත්‍රයක් හා තවත් සූත්‍ර ධර්ම ද උපයෝගී කොට ගෙන පංචතන්ත්රහි කතා විලාසයත්, ප්ලේටෝගේ සංවාදවල දාර්ශනික ගැඹුරත් සිහිගන්වන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇති මේ කෘතියෙන් කතුවරයා පෙන්වා දෙනුයේ නූතන ව්‍යාපාර පරිපාලනය සඳහා උපයෝගී කොටගත හැකි චින්තනයක් බුදු දහමෙහි පවත්නා බවය. කතුවරයාගේ මේ ප්රයත්නයෙහි විශේෂත්වය වනුයේ නවීන විද්‍යාව හා බුදුදහම යන ‘එකිනෙකට පෑහෙන්නේ නැති දැනුම් පද්ධති දෙකක්‘ එකට යා නොකරමින් හුදෙක් බෞද්ධ චින්තනය ආශ්රයෙන් ව්‍යාපාර කළමනාකරණ න්‍යායයක් හා භාවිතයක් නිර්මාණය කල හැකිබව පෙන්වා දීමය. මේ කෘතිය නූතන ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්රයෙහි පාදක අභ්යුපගම අභියෝගයට ලක් කරන අතර, තම ක්ෂේත්රය දෙස නව ආකාරයකින් බැලීමට ව්‍යාපාර කළමණාකරුවන් හට ආරාධනාවක් කරයි. ව්‍යාපාර ක්ෂේත්රය පමණක් නොව පොදුවේ සමාජයට එල්ල වී ඇති නූතනත්වයේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඉවහල් වන දර්ශනයක් හා මාර්ගයක් ඉදිරිපත් කිරීමේ මූලික පියවර කතුවරයා මේ කෘතියෙන් ලබා ඇත.
| Weight | 175 g |
|---|
රු400.00 රු320.00
රු400.00 රු320.00
Reviews
There are no reviews yet.