Weight | 250 g |
---|
රු800.00 රු640.00
18 people are viewing this product right now
අපේ සංස්කෘතික උරුමය ඇසුරෙහි පවතින ලලිත කලාව පිළිබඳ හැදෑරීම කාලයක පටන් සිදු කෙරී තිබේ. අද වන විට මූලාශ්‍රය වශයෙන් අප විසින් සලකනු ලබන බොහෝ දෑ පැරණි ප්‍රභූවරුන්, පඩිවරුන් එකතු කරන ලද ඒවාය. සබරගමු නර්තන ප්රවේණි එබඳු තවත් සාරගර්භ ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු පර්යේෂණ ග්රන්ථයකි. එමෙන්ම සබරගමු නර්තන පරම්පරා පිළිබඳව ප්‍රකාශිත පළමු කෘතිය ද මෙය වේ. එම කෘතිය රචනා කරන ලද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග මහතාය. ඒ තරුණ විද්‍යාර්ථියා මීට පෙර වටිනා කරුණු ඇතුලත් කෘති සහ ශාස්ත්‍රීය ලිපි ගණනාවක් පළ කළේය. පර්යේෂණ සැසිවාර වලදී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන සැටි ද බලාසිටියෙමි . ඔහුගේ පර්යේෂණාභිලාශී උද්යෝගය ප්‍රතිඵලදායකය. මේ පොත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා ඊට උනන්දුවක් දක්වන පාඨකයන්ටත්, අනෙකුත් මානව විද්‍යා ,සමාජ විද්‍යා, සංස්කෘතික අධ්‍යයන ,ආගම, අභිචාර මෙන්ම නාට්‍ය සාහිත්‍යය , ජනශ්රැති මෙන්ම සන්නිවේදන ශික්ෂණ ක්ෂේත්රයටත්, පොදු පාඨකයාටත් බෙහෙවින් ප්‍රයෝජනවත් ග්රන්ථයකි. මේ පොත රචනා කිරීමට පර්යේෂකයා ලිඛිත ,අලිඛිත මූලාශ්‍ර රාශියක් පරිශීලනය කර ඇත. කෘතියේ විචාරශීලී ව්‍යක්ත පරිචයක් ගැබ්ව පවතී. ලේඛකයාගේ අනාගත ජීවිතයට සුබාසිරි පතනෙමි.
Weight | 250 g |
---|
රු400.00 රු320.00
රු750.00 රු600.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.