| Weight | 100 g |
|---|

රු300.00 රු240.00
12 people are viewing this product right now
ගාමිණී අකුරැටිය බැංකුකරුවෙකි. ජායාරූප ශිල්පියෙකි. ඔහු මට හමු වන්නේ කවියෙකු ලෙසිනි.ඒ මුහුණු ඔස්සේය.ඔහුගේ දඟ කරන කවි සිත නිරන්තරයෙන් මුහුණු පොත එළිය කරයි.
ආදරය,විරහව කඳුළ අතර දෝලනය වන ඒ සිත කවියේ මුදුන් මුල ස්පර්ශ කරන්නේ හොඳ අවබෝධයකින් යුතුව බව මගේ හැගීමයි.ඔහුගේ සරල සුන්දර වචන භාවිතය පාඨකයාව කවිය තුළ රඳවා ගැනීමට මහත් උත්තේජකයකි.රස විදිමටද එය ශක්තියක් සපයයි.
බොහෝ විට ඔහුගේ කවි සරල සුගම ගීතයයි මට සිතේ.ඒ තරම්ම ඔහු භාවිත කරන වචන සැහැල්ලුය.නමුදු ඒ සැහැල්ලු බව ඔස්සේ ඔහු කියන්නේ බර කතාවකි.
මම යෝජනා කරන්නේ ඉදිරියේදී මේ කවිත් රැගෙන ඔහු ගීත සාහිත්‍ය වෙත යායුතු බවකි .
මේ ඔහුගේ කලා ලොවේ පළමු පිය ගැටයයි.තරු මං දිගේ අනන්තයට යෑමට ඔහු පෙරුම් පුරයි.එය ඉටුවන බලාපොරත්තුවක් බව ඔහුට ශක්තියක් ලෙසින් මෙලෙස සටහන් කරමි. ඔබට ජය ….!
| Weight | 100 g |
|---|
රු550.00 රු440.00
රු300.00 රු240.00
Reviews
There are no reviews yet.