| Weight | 100 g |
|---|

රු200.00 රු160.00
16 people are viewing this product right now
ගාමිණී කන්දේපොළ ගේ පුරාණ වී ගොවිතැන නම් මෙම ග්‍රන්ථය මෙරට පැරණි ගොවීන්ගේ සාම්ප්‍රදායික ඥානය,චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම් පමණක් නොව, පැරණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත්විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප්‍රථම ගාමිණී ඔහුගේ ජනශ්රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කරගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප්‍රදේශය මෙම ග්‍රන්ථයේ ද පර්යේෂණ භූමිය වී ඇත.
ගොවීන් වගා කන්නය ට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්භාර දෙවියන්ට පුද පූජා පවත්වමින් බාර හාර ඔප්පු කිරීම දක්වා වී ගොවිතැන සම්බන්ධ බොහෝ කරුණු කාරණා ගාමිණීගේ පුරාණ වී ගොවිතැන කෘතියෙහි විස්තර වෙයි. විශේෂයෙන්ම පැරැණි වී ගොවිතැනේදී භාවිතා කෙරෙන ඊට ආවේණික භාෂාව ද මේ කෘතියේ දී ද සුමටව යොදා තිබීම වැදගත්ය. ගොවි බස,එහි සිරිත් විරිත්, ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්, සමාජ ගවේෂකයන් ඇතුළු මෙම කෘතිය ගැන උද්යෝගිව ,උනන්දුවෙන් කටයුතු කරන සැමටම ප්‍රයෝජනවත් කෘතියකි .
ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන ගාමිණී කන්දේපොළ ජනශ්රැති පර්යේෂණ කෘති වලට අමතරව වැහි බිත්තර ,ඉරි වර වර, දෙගොඩවරාම වැනි නවකතා සේම සැළමුතු පෙම වැනි කෙටි කතා සංග්‍රහ ද පාඨක ලෝකයට දෙමින් සාහිත්‍යය ලෝකයේ ඉදිරි පියවර තබන නිර්මාණශීලී මාධ්‍ය වේදයකි, ගවේෂණාත්මක ලේඛකයෙකි.
| Weight | 100 g |
|---|
රු450.00 රු360.00
රු400.00 රු320.00
Reviews
There are no reviews yet.