| Weight | 325 g |
|---|

රු500.00 රු400.00
9 people are viewing this product right now
තබ්ලාව ප්රමුඛ කොටගත් තාල වාදන ශිල්පය, ශාස්ත්‍රය ,හැදෑරීමේ කාර්යයකදී මහෝපකාරී වන මෙම පොත් සංගීත ක්ෂේත්රයේ විරලය . මෙම ශිල්පය පොතපතින් පමණක් ගත නොහැකි බව මෙහිදු සදහන් ය. කෙසේ වෙතත් මෙහි ශාස්ත්‍රීය පක්ෂය පමණක් ග්‍රන්ථාරූඪ කළ හැකිය. තබ්ලා වාදනය උගැන්මට නම් එහි ශාස්ත්‍රීය පක්ෂය හැදෑරීමත් සමගම ගුරුවරයා ගේ අවධානය තුළ රැඳී සිටිය යුතුය.අත්තැබීම්, ඇගිලි පුහුණුව, විවිධ පද වාදනය, වේගය දියුණු කිරීම, සාධන විධි, ලායාකාරී, සංගත් සාථ් සංගත්, එකල වාදන යන මේ වාදන විධි ඒකරාශී කර ගැනීමට ගුරු අභිමුඛයේ සිට දැඩි අභ්‍යාසයෙන් ද, අත්දැකීම් ලබමින් ද උගත යුතුය.
මෙම පරීක්ෂණ ග්‍රන්ථය සැකසීමේදී මෙහි කතුවරයා සිය ශාස්ත්‍රීය ඥානය ප්‍රකට කරමින් නිර්ලෝභීව ප්රදානය කර ඇත්තේ මහඟු දැනුම් සම්භාරයකි. තබ්ලා ශාස්ත්‍රය පිළිබඳ ලියැවුණු හින්දි පොත් රාශියකින් නොලද් හැකි තරමේ ශාස්ත්‍රීය කරුණු රාශියකින් මෙහි අන්තර්ගතය සකසා තිබීම සංගීත් ක්ෂේත්රය වෙත පිරිනැමුණු මහඟු දායාදයක් සේ ය. සම්භාව්‍ය තාල දීපනී මෙම විෂයය පිළිබඳ ලියැවුණු උසස්ම කෘතියක් ලෙසින් හඳුන්වාදිය හැකිය.
| Weight | 325 g |
|---|
රු980.00 රු784.00
රු680.00 රු544.00
Reviews
There are no reviews yet.