| Weight | 300 g |
|---|

රු750.00 රු600.00
20 people are viewing this product right now
සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත්‍ය විෂය ක්ෂේත්රය හාරා අවුස්සා එහි මුල් බිජුවට එහි ස්වකීය විමර්ශනාක්ෂිකයෙන් විනිවිධ දැක එහි අග්‍රඵලය පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශ ප්‍රධාන ජේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත්‍රඥයෙකි. මක්නිසාදයත්, ඔහු ඇතැඹුලක් සේ සේචිත ස්වකීය කලා විෂයේ ගායන ,වාදන, නර්තන මතු නොව කැටයම් හා ඇඹුම් කලාව පිළිබඳව ද මනා පටුත්වයක් ඇති තරුණ ගවේෂකයෙක් හා ප්රශස්ත ලේඛකයෙකු වන බැවිනි. ‘සපරගමු දවුල –නිවැරදියි පඤ්චාංගික තූර්ය සහ දවුල් වාදන සංස්කෘතිය‘ නමින් හඳුන්වන මෙම පර්යේෂණ කෘතිය වූ කලී පඤ්චාංගික පඤ්චතූර්ය ආදී වශයෙන් බොහෝ දෙනා දන්නා විෂය ක්ෂේත්රයේ මෙතෙක් භාවිත සාවද්‍ය අර්ථකථන සාවද්‍ය යෙදුම් හා කථා ප්රවෘත්ති පිළිබඳ රචනා කරන ලද තුලනාත්මක ග්රන්ථයකි. එය විශ්වවිද්‍යාල උගතුන්, විද්‍යාර්ථීන් මතු නොව සාමාන්‍ය පාඨකයාටත් පාසල් දරු දැරියන්ටත් නවතම කරුණු කියා දෙන වටිනා පුස්තකයකි. නර්තන විෂයේ පවත්නා දුර්මත හා හිතලු නිෂ්ප්රභකොට ඒ පිළිබඳ ගවේෂණාත්මක ග්රන්ථ රචනය තත් විෂය ක්ෂේත්රයේ ප්රගමනයට හේතු වේ. එබැවින් මෙම කෘතිය නර්තන කලා ක්ෂේත්රයට දල්වන ලද මිණි පහනක් බඳු වේ.
| Weight | 300 g |
|---|
රු800.00 රු640.00
රු400.00 රු320.00
Reviews
There are no reviews yet.